මොකට මේක දාල යත්ද - ආශ්චර්ය හිටිල්ලා.......//


දලදා හිමි වැද අවසර - පතනව විරිදුව කියන්න
නැමදා දෙවි ගමි අවසර- සරසවි මෑනිට වඩින්න

මහ මුහුදෙන් වට කරන්න - හැදුවත් බෑ යට කරන්න
තුන් සක්වලටම ඇහෙන්න - කියමි හෙනය නැති කරන්න

පිපෙන මලත් පරවෙනවා - නැගෙන හිරුත් බැස යනවා
ඉපදෙන හැම මේ දෙරනේ - ලක් මෑනිට ණය වෙනවා

දකින දකින තැන හොරු - ස්ත්‍රී දූශක වරු
මිනී මරල හිනැහෙනවා - ලොකු පුටු වල සමහරු

නිර්මල බුදු සාසනේ - කහ සිවුරෙනි ඔප වුනේ
දෙස් පාලුවො කඩේ යවන - තැනට වැටුනෙ ඇයි අනේ

පාන් ගෙඩිය හැට පහයි - තේ කෝප්පෙ පහලොවයි
බඩට නොකා හිගා කතත් - රජෙක් ඉන්න එක සැපයි

තෙල් ගහන්න නෑ මනී - වාහන සිහිනෙක වුනී
බස් වල එල්ලිල යනකොට - ගැමුනු ගනන් උස්සතී

විදුලි බිලත් දෙක වෙලා - ගෑස් ගෑස් පෙන්නලා
කිරිපිටි කියනා එවුවා - වස බව තහවුරු වෙලා

නැවු එන්නැති වරාය - මත්තල නම් හිනාය
හයිවේ එක කියල ගියත් - සීයට නම් මෙහාය

ණය පිට ණය ගන්නවා - පොලියත් ඔහෙ ගෙවනවා
රට චීනෙට උනත් මොකද - අදට කාල ඉන්නවා

කාර් රේස් තියෙනවා - රොකට් හදට යවනවා
කුමාරවරු දිහා බලන් - ජහමනයා වදිනවා

ලෝකෙන් අපි තනිවෙලා - හැම අතින්ම කොන්වෙලා
ස්වාසිලන්තෙ උගන්ඩාව - අපෙ හයියට ඇවිල්ලා

අරන්තලාවේ දුක - දලදාවට තැබු අත
ඇමති කෙනෙක් ජනතාවගෙ - අපිට මොකද හිතවත

එහෙන් මෙහෙට පනිනවා - මෙහෙන් එහෙට පනිනවා
මෙහෙන් ගියත් එහෙන් ගියත් - පනින එවුන් දිනනවා

සෑම්ට නම් ගෙවල්ය - මාලුවන්ට උන්ඩය
අපිට උඩින් මොකෙක් ගියත් - මේකෙ වෙන්නෙ මේකය

සැමට රජය තිත්තය - ඇහෙන කතා තුච්චය
චන්ද ප්‍රතිපලේ එනකොට - උඩින් දිනල ඇත්තය

බෝට්ටුවේ හැන්ගිලා - පෙට්ටි ඇතුලෙ ගුලිවෙලා
මොකට මේක දාල යත්ද - ආශ්චර්ය හිටිල්ලා.......//

සරසවි මෑනිට වැන්දා - විරිදුව තාලෙට දුන්නා
විරිදු රබානත් අරගෙන - වෙන දවසක හමු වෙන්නා........//

Comments