කරුන කියනු මැන මා තනි කරලන කදුලු ගගක් ගලනා


නවුකාවකි මම රුවලක් අහිමිව සයුරක සැරි සරනා
රුවලෙහි හිමි ලද රුවලත් අකුලන් වන සරනට වැදුනා
කෙලෙස සොයන්නද නැවකට හිමි නැත මිහි පා තැබු වරමා
කදුලු සුසුම් මැද යන මග නොදැනම මහ සයුරට වැදුනා

සියලු සතුන් හද සුවපත් කරනා පෙම් සිතුවිලි දැනුනා
රුවල මගේ නුබ දිවියම සැනසූ  ආදර බස් හැගුනා
සතර අතින් රුදු රල නැග එද්දී මා අසලම රැදිලා
කරුන කියනු මැන මා තනි කරලන කදුලු ගගක් ගලනා 

වටින් ගොඩින් එන සුලගක් පවසයි නුබ අන්සතු වදනා
නැවු බද වෙවුලයි හද කකියවනා ඒ බස් කන වැකෙනා
සිවු වසරක් මා සමගම රැදුනේ වෙන් වෙන්නද හැගිලා
වෙනත් නැවක නුබ එසවෙනු දැක්මට පෙර මිය යනු සිතුනා 


Comments

  1. ලස්සන කවි ටික.. :)

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි පනුච්චියේ

      Delete

Post a Comment