වියමන් කරත් මගෙ ජීවන පැදුර තව

හැදෙනා ගසක මල් පූදින පොහොර දමන්
පිපෙනා මලක රොන් ගලනා සතුටු වෙමින්
හිදිනා විටෙක ගල් කරගෙන සිතැගි තමන්
විදිනා මෙලෙක කල් නොගොහින් විදල බලන්

ගිනිගෙන දැවෙන හද ගිනි නිවු නුබම තමා
යලිඑන නොයෙන මං අහුරා ලගම තබා
නලවන නයන දුටු විට එහි සිනහ මනා
තනිවන කියන වචනය නම් සිහින තමා

කදුලක් වැටෙන්නට කිසිදා ඉඩ නොතැබූ
සුසුමක් හෙලන්නට නොමදී ලග ඉදපූ
වරමක් යදින්නට පෙරදී මට ලැබුනූ
පිරිසක් කියන්නට බැරි නෑ තනි සිරිදූ

සිහිනෙන් ඇවිත් හද ගල්වන සදුන් සුව
පියබන් ගෙනත් මද නල හා සුවද තව
කරමින් සදත් ලග ඇති සේ එලිය ලොව
වියමන් කරත් මගෙ ජීවන පැදුර තව

Comments

  1. මුල් වතාවට අදයි මේ පැත්තේ ආවේ...

    මමත් කවියට ගීයට කැමති කෙනෙක්

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම ස්තුතියි මේ පැත්තෙ ඇවිත් ගියාට ඔබතුමා කලාවට හිතැත්තෙක් කියල නම් මම හොදටම දන්නවා වෙලාවක් ලැබුනු ගමන් ඔබතුමා ඉන්න පැත්තෙ ඇවිත් යන නිසා

      Delete

Post a Comment