ඉස් ඉස්සෙලම කියල බ්ලොග් එකට නෝට් එකක් දාන්න යනකොට මට ඉස්සෙල්ලම මතක් වෙන්නේ මගේ ආත්තම්මව දැනට මාව දාල ගිහිල්ල අවුරුද්දක් උනත් දැනුත් මගේ ලග ඉන්නවා වගේ දැනෙන ආදරය විතරක් නොදී මට ජීවිතේම දුන්නු මගේ දෙවැනි අම්ම
වෙසක් සදට අත දුර දා
අප ඔබ තුරුලෙහි නැති දා
අටවක දා අප හැරදා
කොහි ගිහින්ද අත්තම්මා
පන්සල් වත්ත පාලුයි ඔබ නැති හින්දා
මුළු ගම කියනවා තාමත් ඔබෙ වරුණා
හැරදා ගොසින් වසරක් පිරුණත් පසුදා
මට දැනෙනවා ඔබ දැන් හිටියද මන්දා
කදුලින් පිට කරල බැහැ දුක නිවන්නට
සුසුමන් හෙලෙනවා හිත තුල ඇති දුකට
මගෙ ලෝකයේ මා රජවනු බලන්නට
ඔබ දුටු සිහින මා වත් දැක නැහැ අදට
ඔබගේ ලොකු පුතුගෙ ලොකු පුතු වෙලා මම
ඉපදුනෙ දනිමි පෙර පින් කල නිසා මම
මගෙ දුව වෙලා මතු දවසක ඔබ එන්න
පතනව පැතුම් මේ බවයේදී දැක ගන්න
ඔබ කල දෙයක නය කවදා ගෙවන්නද
එක මොහොතකදු ඔබ සතුටින් තබන්නද
මම පැරදුනා අත්තම්මේ සදහටම
මම පතනවා අද ඉපදුනු දින වෙන්න
කවියක් ලියල බෑ ඔබෙ ගුණ ගයන්නට
කවියක් ලියල බෑ නැති දුක නිවන්නට
සසරින් සසර මගෙ අත දුර තෙක් ඉන්න
සසරින් සසර මම ඔබෙ කෙනෙකුන් වෙන්න
හිතවත් කමටයි කියන්නේ
ReplyDeleteඋඹේ වැඩේ එල කිරි වගේ තියෙන්නේ
ඕනෑම සප් එකක් දෙන්නේ
මොනවා හරි තිබ්බොත් කියන්නේ
අත්තම්මගේ කවි ටික නම් ලස්සනයි
අම්ම ගැනත් ලිව්වොත් හොදයි
තාත්තවත් අමතක නැතිව වගෙයි
උඹ ඔතනට ගෙනාවේ ඒ දෙන්නයි
එල එල තැන්ක්ස් මේ පැත්තේ ඇවිත් comment එකක් දැම්මට අයෙත් එන්නකෝ උබ කියපු දේ වෙලා තියෙයි
ReplyDeleteමට මගේ අත්තම්මත් මතක් වුනා....සංවේදි කවි පෙලක්
ReplyDeleteබොහොම ස්තුතියි ඇවිත් ගියාට ආයෙත් වෙලාවක ඇවිත් ගුණ දොස් කියල යන්නකෝ
Deleteමටත් අත්තම්මව මතක් උණා... ලස්සන කවි ටික...
ReplyDeleteපනුච්චි නම් අදයි ආවේ මෙහෙ... අයිත් එන්නම්කෝ...
ආයෙත් එන්න බොහොමත්ම ස්තුතියි
Delete