කෙලෙසද නුබෙ ලොව මම නැති මේ වෙද්දී

තනිවන සිතට නෙත කදුලින් තනි රකින
නුබ කොහි කෙලෙස ඇත්දැයි සොයනව නයන
මට තනි නොතනියට සිටි හද ගත් රැජින
දෙසවන දුකින් නැති හින්දා නුබ වදන

කවි පද ගෙතෙනවා තනිකම වැඩි වෙද්දී
මම තනි වෙලා මගෙ ලෝකෙම නැති වෙද්දී
මට හිමි කිරිල්ලිය වෙනතක ඉගිලෙද්දී
කෙලෙසද නුබෙ ලොව මම නැති මේ වෙද්දී 

මට හිමි කදුලු කිසි දිනකදි නොම වේවා
නුබ දුන් සිනහවම නුබටම යලි යේවා
සුසුමක් කිසිම විට මුවගින් නොසැලේවා
මගෙ සුදු මැනික ලොව බබලන හිරු වේවා

Comments