එතෙක් දුර වුවත් මටත් දැනෙන සිත්-ලෙසින් හිඳිනුව මා කෙරේ


සඳත් තරු වලත් මලුත් තුරුවලත්
සෙවූ මාගේ ආදරේ
කදුත් තැනිතලත් නිමිත් සානුවත්

පෙරලුවා එය සොයමිනේ

නුබත් මගෙ වුනත් අපත් අපෙ වුවත්
කදුලු ගෙන දෙන කාරනේ
වියත් වයසකුත් පසුත් කර ඇවිත්
කිමද දෙතැනක වෙසෙමිනේ

කොතෙක් හමුවුනත් මෙතෙක් නොලැබුනත්
නුබෙන් ලැබෙනා ආදරේ
දෙනෙත් අවෙතත් කිසිත් නෑසෙතත්
හදට දැනෙනව නුබ සෙනේ

තවත් දුර වුවත් අපිත් ලතැවුනත්
උරුම පව තව ගෙවමිනේ
එතෙක් දුර වුවත් මටත් දැනෙන සිත්
ලෙසින්
හිඳිනුව මා කෙරේ

Comments