අලුත් කුමරු අත් අල්ලන් හෝ එනවද මැණික

මගේ ලොවට හිරු සදු දෙක නුබම නේද සිතලා 
වෙන එලියක් කිසිම දිනක නොමැත මෙමන් පතලා
කනා මැදිරි එලියක් විත් මා අසලින් ඇදිලා

හිරුත් සදුත් එක්කාගෙන මගෙ දැහැනින් මිදිලා 

සත්තයි මට දැනෙනව නුබ මගෙ ලග නැති අඩුව
මෙතෙකැයි මට පවසනු බැහැ හද කකියන තනිය
කවුරුන් කීවත් නුබ ගැන අදහනු බැරි කරුන
මගෙන් නොලැබුනේ මොනවද තනි කරන්න මාව

කදුලු වලට කලියෙන් හිත ඉල්ලන ඒ දසුන
පෙර හැම දිනකම තිබුනා ඇස් ඉල්ලන නුබව 
 මගෙ සිහිනය දකින්න මට ඕන නුබේ එලිය
අලුත් කුමරු අත් අල්ලන් හෝ එනවද මැණික

Comments

  1. ලස්සන කවි පන්තිය.. :)
    තව තව ලියන්න .. ජය වේවා යාලු...

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම ස්තුතියි යාලු

      Delete

Post a Comment