කදුළු පිරි නෙත් උරුම විය මට කමක් නැහැ නුබ හිනැහිලා

නුබව මාගේ කියා කියුමට ඇරුණු කට දැන් ගොළු වෙලා
නුබේ සෙනෙහස විදින මොහොතෙදි නැගුනු සිනහව වියැකිලා 
අතින් අල්ලන් කියව කියවා ඉන්න පැතු ලොව මියැදිලා 
තවත් කෙනෙකුගෙ අතින් අල්ලන් නුබ පෙනේ මට හිනැහිලා 

සදක් පායා තිබුණු ලෝකය සත්තමයි කළුවර වෙලා 
යලිත් ඒ ලොව එලිය කෙරුමට කුමක් කෙරුවත් බැරි වෙලා 
ලොවක් නුබ ගැන කියන දේවල් ඇසෙන දෙසවන් හිරවෙලා
ඇස දෙකත් නොපෙනියන් මාහට නුබ දිහා ඉනු බැහැ බලා 

තුන් මසක් වත් ගියේ නෑ නුබ මගේ ලෝකෙන් නික්මිලා
තවත් කුමරකු නුබේ ලෝකය මලින් සතුටින් පුරවලා 
මගේ ලෝකය සැරසුවා නුබ සදුන් සුවදින් නහවලා 
කදුළු පිරි නෙත් උරුම විය මට කමක් නැහැ නුබ හිනැහිලා 

Comments