ඇඩෙනවා නෙවෙයි කදුලැලි එයි පේනවද


වෙනදා පුරුද්දට යන විට දැන් මෙයට 
නිකමට යැවෙනවා නුබ නම ඇති තැනට 
එන හැම මගම වැසුවත් දුක ණෑ මෙමට 
අසනා තුරුම සැපදුක මම ගැන කුමට 

පුපුරයි මගේ හදවත ඇති දුකින් හද
නැතිවී තිබේ ලෝකය අපි මැවුව අද 
මිතුරන් දන්න අය පිළිබද මගේ හද 
නිවනව නෙවෙයි දුක අවුලයි අතින් ඇද

කෝ නුබ කොහිද දැන් සතුටින් ඉන්නවද 
මම ගැන මුකුත් නිකමට වත් හිතෙනවද 
කවදා හරිම යලි මාවෙත ඇදෙනවද
ඇඩෙනවා නෙවෙයි කදුලැලි එයි පේනවද 

Comments