අනුන්ගේ කෝල්

කාලෙකට පස්සේ සද්දෙට හිනා වුනු මොහොතක් අනුන්ගේ කතා වලට ඇහුන්කම් දෙන එක හොද පුරුද්දක් නෙවෙයි වැඩේ කියන්නේ මේ කතාව මට ඇහුනනේ....................

මම දැන් වැඩ කරන්නේ ලංකාවේ තියෙන පිට රටකින් නඩත්තු කරන MDF බෝර්ඩ් ගහන කම්පැනි එකක. මේ කම්පැනි එකේ කාර්මික අංශය ඒ කියන්නේ අපේ අංශය කොටස් 4 කට බෙදල වෙන වෙනම තමයි ඒ ඒ අංශ බලා ගන්නේ ඉතින් දැන් මේ කියන්න යන්නේ අපේ ලයින් එකේ 4 දෙනා එකට වැඩ කරන වෙලාවේ වුනු සිද්දියක් 
                                            දවසක් අපේ ලයින් එකේ බෙල්ට් එකක් කැඩෙන්න ඔන්න මෙන්න අමතරව හදපු බෙල්ට් එකක් නෑ අපි ඔෆ් වෙන වෙලාවත් ලගයි මේක කැඩුනොත් ගිහිපු ගමන් එන්න වෙනවනේ ඉතින් අපි 4 දෙනා සෙට් වෙලා අලුතෙන් බෙල්ට් එකක් හදන්න ලෑස්ති උනා ඔන්න දැන් ඔය බෙල්ට් එක හදනවා කියමුකෝ එකේ තියෙනවා බෙල්ට් එක රළු කරන්න පොඩි නියන් පාරවල් වගයක් ගහන්න දැන් හතරදෙනා නියන් හතරක් අරගෙන පේලියට වාඩි වෙලා නියන් පාරවල් ගහනවා එක පාරටම 
             ට්‍රින් ට්‍රින් ට්‍රින් ට්‍රින් 
ප්‍රදීප් අයියට කෝල් එකක් 

ප්‍රදීප්-හෙලෝ 
ගෙදරින්-හෙලෝ 
              මෙන්න පුතාට ඔයා එක්ක කතා කරන්න ඕනෙලු 
ප්‍රදීප්-දෙන්න ඉක්මනට මම වැඩක් 
ගෙදරින්-තාත්ති දැන්ම එනවද 
ප්‍රදීප්-ඔවු පුතේ තාත්ති ටික ටික ගාල එනවා එනකොට බිස්කට් ගෙනාවා බිම ගේනවා දැන් පුතු තියන්න 
ගෙදරින්-ඉක්මනට එන්න තාත්ති මට පාලුයි 
ප්‍රදීප්-හරි පුතේ ඉක්මනට එනවා 

මේ වැඩක් කරනකොට සක්කරයාගෙන් කෝල් එකක් ආවත් එපාවෙවනවා බන් කියල ප්‍රදීප් අයිය අපිට කියල ආයෙම වැඩේ පටන් ගත්ත අපි සද්ද නැතුව වැඩ 

           ට්‍රින් ට්‍රින් ට්‍රින් ට්‍රින් 
ආයෙත් ප්‍රදීප් අයියට 

ප්‍රදීප්-හෙලෝ හෙලෝ 
ගෙදරින්-(අර ඉස්සෙල්ලම ඇහුනු ගැණු කටහඩ) මේ ගෙදර එනකොට අරවයින් එකකුත් ගේන්න
ප්‍රදීප්-හරි හරි
ගෙදරින්-මොනවද අරව කියන්නේ 
ප්‍රදීප්-හරි හරි ගේන්නම් 
           බීප් බීප් බීප් 

මේ මිනිස්සුන්ට තේරෙන්නේ නැනේ වැඩක් කිවුවම කියල ප්‍රදීප් අයිය ආයෙම කිවුව අපි සද්ද නැතුව වැඩ 

            ට්‍රින් ට්‍රින් ට්‍රින් 
ආයෙම ප්‍රදීප් අයියට 

ප්‍රදීප්-මොකද මේ 
ගෙදරින්-මේ ඊයේ වගේ අදත් පෑඩ් මිටියක් එහෙම උස්සන් එනවා නෙවෙයි
බීප් බීප් බීප් 

මුණ රතු කර ගනිපු ප්‍රදීප් අයිය ෆොනේ එක කට් කළා 

තත්පර 10 ක් විතර සද්ද නැතුව හිටිය අපි තුන් දෙනා නම් හු කියා කියා හිනා වෙන්න ගත්ත 

ටික දෙනෙකුට හරි තේරෙන්න ඇතිනේ ඒ ඇති 

Comments