සතුටට දුකට අත්වැල වී සිටිය ලග
දැන් කොයි තරම් දුරකද ඒ දැත් මට
ඉනු මැන සොදින් පැතුමයි එය සැමදාම
කදුලක් සුසුමකට ඉඩ නොලැබෙන් නුබට
පෙරදා මගේ පොඩි දුකටත් කදුළු එන
ඇස් දෙක මැවෙනවා මගෙ කදුලැල් මැදින
සත්තයි නුබට කිසි වරදක් නොකලාට
පසුවට නොගොස් දැන් යන එක හොදයි තව
පෙම් කර තිබුණි නම් කිසිදා නෑ යන්නේ
දුක් දැනෙනවට අකමැති නම් ඇයි යන්නේ
නුබමයි පැතුවේ නෑ එහි වෙනසක් වෙන්නේ
යලි එනු මැනවි නුබ එනතුරු මම ඉන්නේ
උස අත්තකයි නුබ පිපුනේ මලක් වෙලා
දැනුනේ දුරක් පමණයි තුරු ගන්න නෙලා
අත තිබු නුබත් යනවා නම් දුරස් වෙලා
කුමටද තවත් මම සුසුමන් කදුළු සලා
Comments
Post a Comment