පතනෙමි ලදුනි දුක් සංකා නොවන සිතා ....................


වෙනදා දකින සිනහව පෙම්වතිය ලෙසේ 

දැන් වියැකිලා කෝ නුබ කොයිබකද ගියේ 
සදවත නුබයි දුටුවේ පෙරබර අහසේ 
දැන් අමතන්නෙ කෙලෙසද මිතුරියක ලෙසේ

පෙර දින ඔබගේ තුරුලෙන් මිදෙනට යද්දී 
අයියෝ මොකද තව ඉන්නකො පවසද්දී 
දැන් යනවාය කිවුවම හ්ම් කිය වෙද්දී 
හදවත පැලෙයි වාගේ නුබ නැති වෙද්දී 

මගේ බිරිදක්ය දරුවන්ගේ මවක් සිතා 
මම ගත කලේ සිහිනයකද මෙරක් සිතා 
නුබ හැරයද්දී බිදුවක් මේ ගැන නොසිතා 
පතනෙමි ලදුනි දුක් සංකා නොවන සිතා 

Comments

Post a Comment