මොන වරදක් ද මම නැහැ වරදක් කෙරුවේ..................

ලොවටම පෙන්නලා අප දෙදෙනාගේ සෙනෙහේ
නුබ හා ගෙවුණු ඒ ලස්සන පොඩි කාලේ 
දැන් මතකයක් පමණයි නුබ කෝ මෙවෙලේ 
සිහිනෙන් ඇවිත් තව හඩවාපන් මැණිකේ 

සමහරු කියනවා මම හරි බොලදයිලු
නුබ හැර ගියානම් නොතැවී සිටින්නලු  
දිගු ගමනකට තවමත් ඉඩ තියෙනවලු 
නුබ ගැන නොයෙක් දේ කීමට තියෙනවලු 

අන් අය කියන බස් අසනට පුරුදු නැහැ 
ඇහුවත් කනෙන් ඇතුලට ගෙන පුරුදු නැහැ 
මට නම් නුබෙන් තොර වෙන ලෝකයක් නැහැ 
නුබ ගැන දුටුවා සිහිනයේ වෙනසකුත් නැහැ 

පෙර දින නුබගේ හා මගෙ මිතුරන් හමුවේ 
අපි පෙම්වතුන් යයි පෙන්වූව මුහුණු පොතේ 
දැන් ඉන්නවලු මට නොපෙනෙන විලසකිනේ  
මොන වරදක් ද මම නැහැ වරදක් කෙරුවේ 

Comments