නුබ මගෙ එක වෙනස් වෙන්නේ නෑ මේ සත්තයි ................................

මගේ ලොවේ රජ වී උන් පුංචි නංගියේ 
කොතැනක හෝ නුබ සතුටින් නිදිද නංගියේ
මම ලග නැති අඩුව දැනුනෙ නැද්ද නංගියේ 
නුබ සතුටින් හිදින් එයයි පැතුම නංගියේ

මවපු සිහින පතපු පැතුම් කොහෙද දන්නේ නෑ
නුබත් එක්ක හදපු ලොවේ තනිකම හුරු නෑ 
ඇයි නුබ මම දාල ගියේ කියල දන්නේ නෑ 
නුබට හොදක් වෙනවා නම් සත්තයි දුක නෑ 

මගෙ මිතුරන් දෙමවුපියන් ගැන සිතුවේ නෑ 
ලොව පිරිලා තිබුනේ නුබෙන් වෙන අය ලග නෑ  
නවාතැනට ආව ගමන් අන් අය පල නෑ 
නුබේ මුණ දකිනා තුරු ඉවසිල්ලක් නෑ 

පළමු මාසයේ රැකියාවකට ගිය දිනේ 
පඩිපත ගත්තා නුබටයි සියල්ල ගත්තේ 
අම්ම තාත්තා මතකෙට නෑ නේ ආවේ 
ඒ පව පල දුන්න කියල සිතෙනවා ආයේ 

නුබේ මිතුරන් කවදාවත් අපිට හිටියේ නෑ 
අපි හිදී ලොව ඔවුන් කොහොම බින්දද දන් නෑ 
කවදාවත් මම ඔවුන්ට අහිතක් කර නෑ 
නුබ මගෙනුත් උදුරා ගත්ත ඒත් තරහ නෑ 

නුබ ලග නැති එක මොහොතක් ඉවසනු මට බෑ
මගේ ලොවේ නුබ නැති බව පිළිගන්නට බෑ 
නුබේ කටහඩ එක දවසක් අහන නැතුව බෑ 
මත් වතුරත් නොතිබුන නම් මෙහෙම ඉන්න බෑ 

එදා මැවුව හීන නුබට මතකද දන් නෑ 
අපේ ලෝකෙ පැටවූ තුන්දෙනා මන් ලග නෑ 
ඒ තිදෙනගේ අම්මි නුබයි මතකද දන් නෑ 
කාට කොහොම උනත් මෙමට අමතක වෙන් නෑ 

එන අයගේ බස් පිට නුබ මගේ ලොවේ නෑ 
වෙනද ඇහෙන කිංකිනි හඩ දන් ඇහෙන්න නෑ 
සද තරු හොරු අරන් ගිහින් දැන් කිසිවක් නෑ 
මම නුබ හැර වෙනත් ලොවක් ගැන සිතන්නේ නෑ 

දාල ගියත් දුක දුන්නත් තරහක් ලග නෑ 
සෙනේ කලානම් මේ ලෙස දාල යන්න බෑ 
නුබයි මගේ අග රැජිණිය වෙනසක් වෙන් නෑ 
අනේ ආයේ දිව එනවද ඔයා නැතුව බෑ 

පිරිමි යහළුවන් නුබේ ලොව පුරවා ඉවරයි 
මම හිදියෙත් පුංචි ඉඩක දැනුනෙ පසුවයි 
මගේ මුළු ලොවම නංගියෙ නුබමයි සත්තයි 
මිතුරන් අප ලොව සදහට බින්දා ඇත්තයි 

මොනවා උනත් පෙම් කල සිත් දාල යන්නෙපා 
මවන හීන පතන පැතුම් අහක ලන්නෙපා
කවදාවත් නුබේ ලොවට කදුළු එන්නෙපා 
මට දුන් දුක වෙන කෙනෙකුට ආයේ දෙන්නෙපා 

හිරු සදු පවතින තුරු මම නුබට ආදරෙයි 
කවුරු මොනා කලත් මගේ හිතම නුබ ලගයි 
මේ විදියට දුක් විදින්නෙ නංගියෙ එකයි 
නුබ මගෙ එක වෙනස් වෙන්නේ නෑ මේ සත්තයි 

Comments