ඉල්ලමි නුබේ පා යුග මුල දන ගහලා ............................


සසරින් සසර පැතු සිත අද දුරස් වෙලා 
කදුලැලි නැගෙනවා ඇත කම්මුල් තෙමිලා 
මගේ දුක අහසේ උන් අත්තම්මට පෙනිලා 
මගෙ හිමිකාරී ඉල්ලාගාමී මම වැදලා 

බැහැ අත්තම්මේ මේ විදියට ඉවසන්න 
මගෙ මුළු ලොවම සුන් විය මේ අහගන්න 
මගෙ සිත දිනු කුමරිය මා හට ගන්න 
වරයක් දෙන්න ඉල්ලමි අත් දෙක මෙන්න 

නුබ අකමැතියි මගෙ කදුලැලි දකින්ට 
මම හඩනවා බැහැ නුබ හට බලන්ට 
දුක් බර මුහුණ හසරැල්ලෙන් තෙමන්ට  
මට මගෙ ලොවේ රැජිණිය යලි එවන්ට 

අද මගෙ ලොවේ හිරු සදු දෙක ඇත් වෙලා 
නුබ සිටියනම් කියනවා මම දන ගහලා 
මගෙ දුක මමම හිර කර ගත යුතු විලා 
කදුලැලි පිසුණු මැන දෙවු ලිය ලගට වෙලා  

නුබගේ නමට දස පින් දම් පුරන්නම්   
නුබෙ නම දෙවු ලොවෙත් ඇසෙනට දෙවන්නම් 
නුබගේ පුතුට කදුලැලි ලං නොවෙයි නම් 
දාගැබ් සතක් නුබ වෙනුවෙන් සදන්නම්

පෙම්කලේ මුළු ලොවම ඇය වේ යයි සිතලා 
ඇයගේ නමට සිතුවිලි දහසක් ලියලා 
දිවියම හැරෙනු බැරි තැනකට ගොඩ බැහැලා 
කසුන්ක කියන නම ඇත දිවියට බැදිලා 

ලියනට නොහැක මේ ලෙස තව පද ගොතලා 
මගෙ සිත තවම ඇත කදුලල්ලෙන් පිරිලා 
සදවත දෙන්න මගෙ දුක් ගිනි ගොඩ දුරලා 
ඉල්ලමි නුබේ පා යුග මුල දන ගහලා 

Comments