වරක් දකින්නට ඉඩක් සදාපන් ඉල්ලීමයි මාගේ................


රට හැර ගියෙ මා නුබේ වූ විටයි සතුටින් සුබ පැතුවා 
යලි එන විට මගේ මුණ බලන්නෙත් නැතිබව දන්නතුවා 
ආගිය හැම විට ඔබ දුරකතනෙන් මතකයි ඇමතුවා 
මේ වර නුබ අද සිය රට එනවා දැන් ඇමතුම් නැතුවා 

රැයක් පුරා නිදි මැරුවා නුබෙ කටහඩ අසනා සරියෙන්
කදුලත් සුසුමත් පමණි හිමි වුනේ එය නොලැබුණු ලතොවින් 
අවසන් වර මා නුබ සමුගත්තේ කටුනායකට ගිහින් 
මතක් වෙනකොටත් කදුළු ගලනවා දැන් නුබ නෑ නෙ ලගින් 

අතක් පුරා බර තෑගි ගෙනාවා මින් පෙර පැමිණි පසු 
කියමින් පෙර මාසයක් පුරාවට දෙන හැටි ආව පසු 
පතා නැත කිසිත් නුබෙන් ලබන්නට කිසිවිට පෙරද පසු
ආව මැණික කියමින් අමතනවද මොහොතක් ආව පසු 

පරිස්සමින් විත් පරිස්සමින් යන් පැතුමයි එය මාගේ 
ගෙදර අයත් යහළුවොත් සනසපන් ඉල්ලීමයි මාගේ 
මා නුබ සිටි තැන් දක්නට නොවියන් පැතුමයි එය මාගේ 
වරක් දකින්නට ඉඩක් සදාපන් ඉල්ලීමයි මාගේ 

Comments