නුබ නැති මගේ ලොව විදිනා ගිනි කද තනිකම් කදුළු මැද
දැන සිටියා නම් කෙදිනක වත් නෑ නුබ යන්නේ නෑ නේද
කදුළු පොරෝගෙන තනිඋනු මොහොතක නුබ දැන් නෑ නේද
කියා සිතෙන විට ඉකිත් ගැහෙනවා නුබ දන් නෑ නේද
මගේ සිහින ලොව රජ වුනු කුමරිය මට දැන් නෑ නේද
හොරෙක් ඇවිත් නුබ අරන් ගියාමයි වෙනසක් නෑ නේද
බොරුවට පිළිගන්නැයි මට සිතුනත් පිලිගන් නෑ නේද
මගේ හින ගෙන හැරගිය කුමරිය නුබ දැන් නෑ නේද
මගේ ලෝකයේ නුබයි රජ වුනේ දැනුනේ නෑ නේද
රජු නැති මගේ ලොව දුකින් තැවෙනවා දැනුනේ නෑ නේද
එලිය වුනෙ නුබයි දිවිය පුරාවට දැනුනේ නෑ නේද
අදුරින් පිරි ලොව පාලු දැනෙනවා දැනුනේ නෑ නේද
මගේ ලොවේ මම පලවෙනි පියවර තැබුවේ දැන් නේද
ඒ පියවර මම තිවුවේ නුබ නිසයි දන්නේ දැන් නේද
ඉදිරිය ගැන මම පැතූ හැම හීනෙම නුබ දන් නෑ නේද
තනියම මම ඒ ලෝකේ හදනවා නුබ එන් නෑ නේද
ලොවක් ඉදිරියේ පොරක් වෙල කියූ නුබ දැන් නෑ නේද
දහස් වරක් මම සිතින් තැවෙනවා නුබ දැන් නෑ නේද
කහ සිවුරක් මට දාන්න හිතෙනව නුබ දන් නෑ නේද
මගේ ලොවේ එක මගේ තාත්තා එය දන්නව නේද
Comments
Post a Comment