එනු මැන පෙර ලෙස ආසයි නුබව විදින්න................................


සදේ තනිය තේරුම් ගත්තේ ලද නුබගෙන් 
අමාවකට සිත තැලෙයිද කොච්චර ලතොවින්
මල් පෙත්තක පහස අහිමි කරගත් වරදින්
සදා තැවෙයි මගේ සිත නුබ එනු මැන විසසින් 

කදුළු එන්නේ සිතට දුකක් එන්නටත් පෙර
ඇසට දැනෙනවා නුබ රුව නොපෙනෙන වෙනස 
සමාවෙලා දහස් වරක් මගේ පාපෙට
හිනා වෙන්න යලිත් ආදරේ කියා මට 

එදා නුබගේ ලොව රජ උණු කල සිහි වෙනවා 
සිතට දැනෙනවාම නෙවෙයි කදුළු සැලෙනවා 
මගේ ලොවේ දුක අද තනියමම විදිනවා 
නුබට මෙවන් දුක් නොම දෙනු කියල යදිනවා 

අත්‍ වැල් අල්ලන් මතකද පෙර සංසාරේ 
දුව පැන ඇවිදපු හැටි අපි සිතු සිතු වාරේ 
හද ගින්දර ඇවිලෙනවා පැතුමන් අතරේ
සද රාජිනි නුබම තමයි මතු මතු සසරේ

සසර සරණ තුරා ඉන්න පැතුමන් පැතුවා 
ඒ පැතුමන් දැන් ඉටුවේ දැයි දන්නෙතුවා
කදුළු එපා නුබහට ලං වෙන්න පතනවා 
මෙවැනි දුකක මැද මා නම් ලොව හැර යනවා 


Comments

  1. ඔබ හැර ගිය සඳ සාවිය යලි ඔබ සොයාවිත් ඇයගේ ලෝකයේ රජකම යලි ඔබට පවරන දිනය ඉක්මනට උදා වේවායි එක සිතින් පතන්නෙමි...!!! මම කොත්තුවා

    ReplyDelete
  2. එහෙම වෙනවනම් කොච්චර දෙයක්ද එල කොත්තුවෝ

    ReplyDelete
  3. අලුත් තැනක් වගේ!! word verification එක ඉවත් කරන්න. නැත්නම් කමෙන්ට් කරද්දී කරදරයි!
    ජය වේවා!!

    ReplyDelete
  4. බොහොම ස්තුතියි අයෙම ආපු වෙලාවක දැන් හරිද කියල කියල යන්නකෝ මම අයින් කලා

    ReplyDelete

Post a Comment