පෙරදා තිබු සිනහව මුව වියැකිලා
කදුලැලි නැගෙනවා හදවත දුක ගාවා
අත්වැල තිබු දිවියේ දැන් දුරස් වෙලා
සුසුමන් ලියනවා මේ ලෙස කවි කරලා
දුකකදි සතුටකදි මා ලග රැදුණු ඇය
අද නැති බවක් දැනෙනව මම විදිමි එය
කදුලැලි උරුම කර හැර ගිය දයාවිය
සතුටින් හිදින් පවතින තුරු හිරු එලිය
මගේ ජීවිතය නුබ මම එය කිවුවාද
හුස්මත් රුදිරයත් නුබමයි ඇහුනාද
තනිකර දමා යනකොට නුබ සිතුවාද
තව කි දිනක් මේ ලෙස ජීවත් වෙම්ද
තරහක් වයිරයක් නෑ මට නුබේ ගැන
කෙතරම් චෝදනා නැගුවත් මගේ ගැන
දැනිලා තිබුණි නම් බිදුවක් සෙනේ ගැන
අන් අය කියන බස් අහවිද මගේ ගැන
නුබ නැති දුකට ලියවෙන පලවෙනි කවිය
නුබ එන තුරා මම ලියනවා ආදරය
මගේ ලෝකයෙන් බැස ගිය හද රාජිනිය
නුබහට නොඇසෙන්න පතනව දුක් ගීය
දැන් නුබ මෙගේ ලොවින් සමුගෙන බව ඇත්තයි
නුබේ මතකයන් පමණක් උරුමය ඇත්තයි
දුක් මගේ ලොවට පායපු හිරු සදු ඇත්තයි
දින දින අපගෙ පෙම කවි වෙනවා ඇත්තයි
Comments
Post a Comment