නුබේ නමට කදුලැලි කවි කරමි මම ........................




තිස් වසරක් මගේ මවු බිම වෙලාගෙන 
කොටියට බයෙන් අප හද ගිනි තියාගෙන
වුන් කල නිමා කල සෙනෙවිණි දයාබර
නුබේ නමට කදුලැලි කවි කරමි මම

යුද්දය කරන කල සැමහට ඔබ දෙවියෙක්
ජාතියේ පිනට මෙලොවට බිහි වූ නිරිදෙක්
යුද්දය නිමකරල දුන් පසු ඔබ සතුරක්
යුද්දෙට බයෙන් පන ගිය අය විය විරුවන්

යුද ගිනි නිවුව ඔබ ජන හද දිනාගෙන
රට ඇති වලෙන් ගොඩ ගැනුමට සිතාගෙන
දෙස්පාලනේ රට වෙනුවෙන් සිතාගෙන
ආ එක වරද විය මේ කැනහිලන් හට

නඩු කිහිපයක් එකපිට එක පිට දාලා
රට වෙනුවෙන් උන්නු නුබ සිර ගෙට දාලා
බොරු චෝදනා ගොන්නක් ඔබ ගැන කියලා
කිරිබත් කනව නිතිය බල්ලට දාලා

තුන් වැනි වතාවට බුදු පුද කල රටක
දෙවියන් නිරතුරුව බැල්මෙන් ඇති රටක
ඔබ වැනි අයට මේ වැනි විපතක් කිමද
දෙවියනි බුදුනි මේ දෙස නොබැලුවේ කිමද

සත්‍යය කවද හරි දිනයක දිනනවය
කකුළුවො නටන්නේ දිය රත් වෙන තුරුය
රජ අණ අනුව යැව්වත් ඔබ සිර ගෙදර
හදවත් පැතුම් සිර කල හැකි වේද තව

ජාතිය රටට කල සේවය අගයන්න
කොන්දක් තිබෙන මිනිසුන් අඩු බව ඇත්ත
ශ්‍රී ලංකාව ලෝකය තුල බබලන්න
ජනරල් තුමනි සිරගෙ බිදගෙන එන්න




රට ජාතිය බෙර ගනිපු මනුස්සයෙකුට මෙහෙම වුන එක වැරදියි එක මගේ පුද්ගලික මතය එත් දෙන දෙයක් කාල වෙන දෙයක් බලාගෙන ඉන්න පුරුදුවෙලා ඉන්න බහුතරයක් ජීවත් වෙන අපේ රටේ තනි මට කියල මොනවද කරන්න පුළුවන් කවදාක හරි ලංකාවේ තණකොළ ඉවර උන දවසකදී වත් මිනිස්සු බත් කන්න පුරුදු වෙයිනෙ එදාට වත් මිනිස්සු මොලේ කල්පනා කරලා වැඩ කරයි කියල හිතනවා 

Comments