අත් අල්ලන් කියව කියව ඇවිදන් යන්න
තුරුලුව හිද දවස පුරා හීන දකින්න
එදා වගේ තවමත් සිත පුරනා පෙරුම
සදරාජිනියේ තවමත් ආදරෙයි මම
කිසිම දෙයක් නුබේ ලොවට මගෙන් ලැබිල නෑ
මගේ ලොවේ නුබගෙන් නොලැබුණු කිසිවක් නෑ
කවදාවත් නුබ තනිකරදා නම් යන් නෑ
එහෙම වුනොත් මම ජීවත් වෙයිද දන්නේ නෑ
මේ වනතුරු එක දවසක් තරහ වෙලා නෑ
තරහ උනත් මොහොතක් වත් වයිර කරලා නෑ
නුබට ආදරෙයි නොකිව්ව එක දවසක් නෑ
නුබේ සෙනෙහෙ මොහොතක් වත් දුරක දැනුනෙ නෑ
පෙම් කෙරුවට ලගින් ඉන්න වරම් ලැබිල නෑ
එහෙම වුනත් මගෙ සෙනෙහස අඩුවක් වෙන් නෑ
කවි කෙතරම් ලිව්වත් සෙනෙහස ලියවෙන් නෑ
මගෙ ලොවට පායපු සද කළුවර වෙන් නෑ
ඉරක් වගේ ඔබේ ලෝකෙට එලිය ගේන්න
සදක් වගේ නුබේ අදුරට එළියක් වෙන්න
පතපු පැතුම් කවදාවත් යන්නෑ දුරට
සදරාජිනියේ තවමත් ආදරෙයි මම
Comments
Post a Comment