මම ලියපු කවි වලින් ගොඩක්ම දෙනෙක් තමන්ගේ විදියට පාවිච්චි කරලා තියෙන කවි පේලියක්.............................

මගේ බ්ලොග් එක හදන්න කලින් මම බුකියට දාපු තැන තැන ලියපුවා බ්ලොග් එකට දාන්න හිතුවා බලලම කියන්න හොදද කියල 


තනිවම ගෙවන ජීවිතය,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,



උදේ ඇහැරෙන රෑට නිදියන
විටදි ඇමතුම් නොමැති හින්දා
එලෙස ලැබෙනා පෙම්වතුන් හට
අවදි වන ලෙස මමත් කිව්වා


තුරුලු කරගෙන අතින් අල්ලන්
යන්න කෙනෙකුත් නොමැති හින්දා
එලෙස යන එන අයවලුන් දෙස
හිතේ කහටක් නැතිව බැලුවා


කෑම කෑවද බේත් බිව්වද
අහන කෙනෙකුත් නොමැති හින්දා
මගේ මිතුරකු ලෙඩ උනොත් හෙම
මගෙ අතින් මම බෙහෙත් පෙව්වා


රන්ඩු වෙන්නට යාලු වෙන්නට
යුවතියක් ලග නොමැති හින්දා
තරහ ගන්නා පෙම්වතුන් හට
එසේ ඉන්නට එපා කිව්වා


සිතට වද දෙන කදුලු මුතු කැට
බිමට හෙලනුව නොහැකි හින්දා
හදෙහි තෙරපෙන සෝ සුසුම් මැද
තනිකමත් තනියමම වින්දා

Comments

  1. තනිකමට තිත තියාලා ඉක්මනට පිළිවෙලක් වෙන්න බැලුවොත් නාකෙයි..

    ReplyDelete
  2. අපෝ කියන කතා අපි තාම පොඩි එවුන්...........

    ReplyDelete

Post a Comment