මේක ලිව්වේ කවදද කියල නම් මතකයක් නෑ (අම්මා...............)

මගේ බ්ලොග් එක හදන්න කලින් මම බුකියට දාපු තැන තැන ලියපුවා බ්ලොග් එකට දාන්න හිතුවා බලලම කියන්න හොදද කියල 







තම දිවි දෙවෙනි කොට සලකන පුතුන් හට 
විදිනා දුක් ගැහැට මෙලොවෙහි නිමක් නැත
දරුවන් වෙතින් වත් නොලබන සුවය සෙත
අම්මා නමට කවි පදවැල් ගොතමි මම 


සොයලා සෙනෙහෙ බර සැමියකු තමන් හට
ඔහු සමගිනුත් එකතුව තැනු කුඩුවට 
ආදා සිටන් සුබ මොහොතක ඇගිලි ගැන
දරුවකු වඩින තුරු හිදිනවා බලාගෙන  



පැතුමන් ලෙසට පුතු ආදා තම කුසට
සොම්නස් කදුළු වගුරා තම හිමි සමග
නා රජු තම මැණික රකිනා ලෙසින් සිට
රැක ගන්නවා මව්වරු තම පුත් රුවන


බිහිවූ දා පටන් කුසයෙන් මෙලොව වෙත 
හැඩුමට පළමුවෙන් කුස පුරවා යෙහෙන
ඉල්ලන සියලු දේ සැමවිට ලබාදුන
මව්වරු තමන් ගැන සිතුවේ ඉන් පසුව


දිනයෙන් දිනය පුතු ලොකුවෙනු බලාගෙන 
ඕනෑ එපාකම් නීති විමසා සැනින 
මතු දින රජ වෙයන් පුතුනේ කියාගෙන
දුක් ගින්දර විදි මව්වරු සම සිතින


දිනකදී ලෙඩ උනොත් ඇය හට මහමෙරකි
නින්දක් නොමැත සිනහවකුදු මුව නොමැති
පුතුගේ දුකට වැඩියෙන් ඇය දුක් විදිති 
මව්වරු නිසා පුතු ඉක්මන් සුව ලබති


කිසියම් දිනක මව් පළමුව කා ඇත්ද
පුතෙකුට නොදී කිසි සැපයක් විද ඇත්ද 
සක්විති රජත් පුතකුට වැඩි ලොකු වෙත්ද
තුන් ලෝකෙම පුතුයි මවකට දැක නැත්ද 


පුතු ඉපදිලා දිනයක මව් මැරෙන තුරු 
මවහට නොමැත අන් ලොවකදු පුතුන් වැරු
සම්මා සම්බුද්ද පදවිය ලැබෙන තුරු
මගෙ පුතු මගෙම පුතු වෙන්නයි පෙරුම් පිරු 


අම්මාවරුන් කවදාවත් හඩනු එපා
දුක් ගින්දරක් කවදාවත් වෙන්න එපා
පුතු වෙනුවෙන් තැනු ලෝකය බිදෙනු එපා
මතු බුදු නොවී ලෝකය හැර යන්න එපා

Comments