බෝඩිමේ කතා

බ්ලොග් එකක් ලියන්න පටන් ගන්න අදහසක් එනකොටම මට තිබ්බ තවත් අදහසක් තමයි අපි මේ ගතකරපු ජීවිතේ, අපිට හමු වෙලා තියෙන මිනිස්සු, අපිට ජීවිතේ වැරදුනු තැන, හරි ගිය තැන  එහෙමත් මේකේ දාන්න ඕනේ කියන එක. අපේ කතා ගැන ලියන්න පටන් ගන්න කොටම මට මතකෙට එන්නේ අපේ සෙට් එකේ කට්ටියට වුනු පොඩි ෆන් සිද්දියක් ලියන්න. ලියන්න හැබැයි මේ සිද්දිය කියවන අයට නම් හිනා යයිද නැද්ද දන්නේ නෑ.
                                                                                       කෙලින්ම කතාවටම එන්නම්කෝ මම ගාල්ලේ ඉස්කෝලේ යන කාලේ පට්ටම පට්ට බෝඩිමක තමයි බෝර්ඩ් වෙලා හිටියේ ශීලා පාර්ක් කිව්වම අපේ කාලෙනම් ඔක්කොම අය දන්නවා. ඒ කාලේ අපේ බෝඩිමට ලියුමක් එහෙම එවනවනම් ශීලා පාර්ක් ගාල්ල කියල දැම්මම හොදටම ඇති. ඒ තරමට තැන ප්‍රසිද්දයි මේකේ හිටියෙත් එක එක විදියේ චරිත 11 ක් මම තමයි ඉදපු පොඩිම එකා. ඒ කිව්වේ වයසින් හරිද අපි ඉදපු කාලේ ඉතින් වටේ පිටේ ගෙවල් වල කොල්ලොත් ඉතින් වලක් බහිනවානම් අපිත් එක්ක තමයි. මේ සිද්දිය වෙනකොට ඒ ලග ගමේ පන්සලක තිබ්බ මොකක්හරි ලොකු උත්සවයක් ගමේ රටේ ඔක්කොම කෙල්ලෝ එහෙමත් එනවනේ අපේ බෝඩිමේ සෙට් එකත් උදේ ඉදන්ම ලෑස්තිවෙලා යන්තම් හවස 6 විතර වෙනකොට පන්සල පැත්තට ගියා. 
                                                                                     ඒ පන්සල ලගම කඩයක් කරන ගෙදරකත් අපේ ෆිට් එකක් හිටිය. මිනිහගේ ලොකුම ෆන් එක තමයි පිළිවෙලට ෂර්ට් එක එහෙම යට කරලා යනවනම් එක උඩට අදින එක. ඕන ඉතින් අපේ සෙට් එකත් ටයි විතරක් දාල නැතුව පන්සල ඉස්සරහට වෙලා ඉන්නවා යන එන කෙල්ලෝ දැක්කම ඇබරි ඇබරි. අර මම කලින් කිව්ව යාලුවත් එනවා දැන් අපි ඉන්න පැත්තට බයිසිකලේක මොනවද කෙන් එකක් තියාගෙන තල්ලු කරගෙන. අපිත් ඉතින් ගමේ මිනිහෙක් අදුනනව කිව්වම නිකන් අපිත් ගමේ වගේම වෙනවනේ. එක නිසා අපේ කට්ටිය මුව වට කරගෙන කතාව එක පාරටම අර යකාගේ ඒ කිව්වේ අර කඩේ ගෙදර යාළුවගේ අර කැත පුරුද්ද එලියට ආව. ඒ කියන්නේ අපේ සෙට් එකේ ඉදපු වැඩිපුරම මල පනින විරාජ් අයගේ ෂර්ට් එක උඩට ඇදල බයිසිකලේ තිබුණු කෑන් එකත් කරට අරගෙන බයිසිකලෙත් අපි ඉන්න තැනට දාල ගෙවල් මැදින් දුවනවා. 
                                                    එක පාරටම අපිට වාහනයක් රේස් කරනවා සද්දයක් ආව අපි බලනකොට පොලිස් ජීප් එකක් අපි ලග පොඩ්ඩක් ස්ලෝව් කරලා දෙන්නෙක්ව බිමට බස්සවාගෙන ආයෙම ඇරලා තියල අර යකා ඒ කියන්නේ අර කඩේ යාළුවා දුවපු පැත්තට යනවා. අපි ලග බැහැපු රාළහාමිලා අපි මිනි මරපු ගානට කතාව අපි ඔක්කොමත් කුඩු කරනවමයි කිව්වා ඒ අතරේ ජීප් එකේ යන්නන පුළුවන් දුර ජීප් එකේ ගිහින් පස්සේ දුවල ගිහිපු එකා පස්සේ දුවපු රාලහාමිලා කඩේ යාළුවගේ ඔලුවට ගගහ එක්කන් එනවා "එහෙනම් උබ දිව්වේ මොකද කියපන්" කියා කියා අපි ලගට ආව විතරයි මගේ ලග බුමිතෙල් ගදේ බෑ.  
                                                                     පස්සෙයි සිද්දිය දැනගත්තේ රාළහාමිලා හිතල තියෙන්නේ අරු අරගෙන දුවල තියෙන්නේ කසිප්පු කියල. කොහොම හරි පන්සලේ උත්සවේ රාජකාරි කරන්න ආපු රාළහාමිලා බුමිතෙල් නාගෙන ආයෙම පොලිසියට ගියා. අපිත් පන්සල් ගිහින් එන කෙල්ලෝ සෙට් එකක් පස්සෙන් බෝඩිමට ගියා. කඩේ යාලුවත් අපි ඉස්සරහ අඩල අඩල සල්ලි එකතු කරගෙන ආයෙම බුමිතෙල් ගෙන්න සෙඩ් එකට ගියා. වැඩේ කියන්නේ ඔය සිද්දිය මැද ඉදන් බලපු සර් කෙනෙක්ගේ පිහිටෙන් ඊට පහුවෙනිදා අපි ඔක්කොම ප්‍රින්සිපල් ලගටත් ගියා. 
                                                                  ඔන්න ඕකයි සිද්දිය මේක නම් එච්චරම ෆන් එකක් නැතුව ඇති ලග ඉදන් බැලුව වගේ නැති නිසා. කොහොම උනත් මම අර පොලිසියෙන් අපි ලගට ඇවිල්ල බහින වෙලාවේ ඉතාම පරුෂ වචනෙන් කඩේ යාලුවට බැන බැන ඉදල පොලිසිය අපිට බනිනකොට කසිප්පු කාරයොන්ට පැනල යන්න උදවු කළා කියල "අනේ රාලහාමි වදින්නම් මට යන්න දෙන්න මගේ අතේ රුපියල් 100 මයි තියෙන්නේ මම එක දෙන්නම්" කියපු කෙනා ගැන කියන්නේ නෑ මොකද මම කැමති නෑ වැදගත් ආයතනවල වැදගත් පුටුවල ඉන්න මිනිස්සුන්ට අපහාස කරන්න නැද්ද විරාජ් අයියේ.                                                      

Comments

  1. කටුබැද්දේ බෝඩිම ගැනත් දාපන් මච0 ....

    ReplyDelete
  2. අනිවා දානවා අය්යේ

    ReplyDelete

Post a Comment