මේක ලිව්වේ කවදද කියල නම් මතකයක් නෑ

මගේ බ්ලොග් එක හදන්න කලින් මම බුකියට දාපු තැන තැන ලියපුවා බ්ලොග් එකට දාන්න හිතුවා බලලම කියන්න හොදද කියල 


අරුම පුදුම ආදරයක් මමත් විදිනවා ......................



හැමතිස්සෙම රණ්ඩු වෙන්න වගේ ඉන්නවා
මම කිව්වොත් තව දහයක් ඔයත් කියනවා  
ආදරේට දැනෙන දෙයක් හංග ගන්නවා  
අරුම පුදුම ආදරයක් මමත් විදිනවා   


කවදාවත් කටක් ඇරලා සෙනෙහෙ කියල නෑ   
කවදාවත් අතක් අරන් ඇවිදන් ගියේ නෑ   
හැමදාමත් මෙහෙම වෙයිද කියල දන්නේ නෑ  
එහෙම වුනත් දාල යන්න නම් හිතෙන්නේ නෑ   


තුරුළු කරන මහ පාරේ එක්කන් යන්න    
ෆිල්ම් එකක් බලන ගමන් හුරතල් වෙන්න    
ආදරයේ වින්දනීය බව විද ගන්න  
වරම් නැතත් අහිතක් නෑ සොදුරියේ ඔන්න    


හිත රිදෙනව ඔයා කියන දේවල් ඇහුවම     
හිත රිදෙනව සුපෙම් වතුන් යුවලක් දැක්කම    
හිත රිදෙනව ඔයා කරන දග වැඩ දුටුවම   
හිත රිදෙනව ඔයා මගෙන් දුර බව දැනුනම    


ඔබගේ ලොව කිරුළු පලන් කුමරුන් වන්නට     
ඔබ හිදිනා විමානයේ කිරුල දරන්නට      
අවසර දෙනවද කුමරිය ඔබ අත ගන්නට    
පතනවා මම ඔයා එක්ක ජීවත් වෙන්නට.................

Comments