නුබට පමණයි හැක්කේ පණිවුඩය ගෙනියන්න..............................

සිතට දැනෙනවා මගේ ගතට වැඩියෙන් නුබව 
නිසාවෙන් ආදරෙයි මගේ පණිවුඩ කරුව
මෙදා මෙන් නොවී හැම මොහොතකදී මා පෙලන 
නුබට පමණයි හැක්කේ පණිවුඩය ගෙනියන්න 

පුරාවට මෙතෙක් කල් හදවතින් තනිකම්ව 
ගෙවූ කාලය මැකුවේ ඇයයි මා පෙම්වතිය 
එලෙස ආවත් කිම්ද හැම අතින් දුරස්වම 
අනේ සුළගේ කියන් ගොසින් මගේ අවනඩුව 

සිතපුරා පෙලන දුක් වලින් මා හෙම්බත්ව
සිටියදී මගේ සිත් කතර වැටි පැන් බිදුව 
සදා පතනෙමි ඇයව වේව යයි මෙහෙසියම  
රජකමත් එපා මට කරන් මා අතවැසිය 

නොපතමි කිසි කලෙක ඇය එපා කිවූ ලොව
සමරමි හදවතින් ගෙවූ ඒ නිමේෂය 
අහිමි ඇයි මා හටම ඇය ලගින් සිටින වර 
එපා මට ඇගේ ගත නොමැති වී නම් එකග

පෙම්වතුන් වූ සැනින් විදින රස පහස ගැන 
අසා දැක ඇත මමත් හිදී නිසා මෙලොව තුල 
රාජිනි සද මගේ දුරට ඇතින් පෙනෙන 
එලිය කරපන් ලොවම එපා සළු ගලවන්න 

නුබ කියන පණිවුඩය අසාගෙන සිටින ඇය 
කදුළු සැලුවොත් කියා බියක් දැනෙනවා සිතට 
මගේ සිත පාරන්න එපා නුබ ඒ ලෙසට 
අවසරයි දැන් යන්න ලේන්සුව ගෙන එන්න 

Comments