දිලේවා පතනවා සදහට-මවුනි රිච්මන්ඩ් කියන නාමය

සියල දුක සැප විදපු ජීවිත 
රැසක් තම මතකයෙ තියාගෙන 
මුකුත් නොවුනා වාගේ ඉදගෙන
අපිව දැක්කම අදත් හිනැහෙන 
කරපු දග වැඩ නටපු පිස්සුව 
මතක් වෙනකොට දෙනෙත් බොදවෙන 
යලිත් ආසයි වාඩි වෙන්නට 
12 සි අවසාන පේලිය 
අපේ මතකය අපේ ජිවිත  
යලිත් එයි යලි යලිත් මතකෙට 
යනෙන දිනවල දැනුනේ නෑ මට 
මේ තරම් නුබ ගැනත් ප්‍රේමය 
කියා දුන් දේ ඕවා දුන් දේ 
අපි හදන්නට අප තනන්නට
දැනුනේ මේ ලෝකයේ තනි විට 
අපේ ලෝකයේ අපේ වැඩ කිඩ 
මතක් වෙනවා තවම මා හට 
ගුරුවරුන් මොන මොනවා කිව්වත් 
අපේ දේ අප හරියි සිතමින 
තින්ත අරගෙන ගාලු නගරයෙ
තිබෙන හැම පවුරක්ම නාවන 
අපේ මැච් එක අපිම දිනනවා 
කියල කෑගහගෙනත්  දුවමින 
උදා වූ පසු මැච් එකේ දින 
උදේ සිට අපි පිට්ටේනිය වෙත 
දිනුම පැරදුම කාට වුවත් 
එය තමයි අපේ ලොකුම මැච් එක 
තවත් මතකයි සෑම දවසෙම 
උදේ 7 වෙන කොටම පාරට 
එහා පැත්තට මෙහාපැත්තට
යනෙන වාහන හොදින් හසුරන 
නැතිව අපි එක දිනක් දෙදිනක් 
වෙනා පාඩුව අපිම පෙන්නන 
ලියන්නට බෑ කියන්නට බෑ 
අපේ ඒ සුන්දරම කාලය 
තවත් දවසක ලියනවාමයි 
මවුනි ඔබ තුරුලේ ගෙවූ කල 
සදා සවියක් නොවේ තනියක්
සිටි නිසා ඔබ හදවතේ හිම 
දිලේවා පතනවා සදහට 
 මවුනි රිච්මන්ඩ් කියන නාමය 

Comments

  1. අනිවා අයියේ....අපි සැට් වෙමු අපේ ආදරණිය ඉස්කෝලේදි

    ReplyDelete
  2. එල එල අපි සෙට් වෙමුකෝ

    ReplyDelete

Post a Comment