නුග සෙවනකි සත්තකින්ම රත්තරන් නුබ .........................

රුප රැජිනියක් තරමට නැති උනත් රුව 
විටෙක දැනෙනවා මේ ලොව සොදුරුතම ලිය
දැනුදු මැවෙනවා මා සිත් ගත් මනාලිය
ඊයේ අද මෙන් හෙටටත් ආදරෙයි මම 

විටෙක මවකි ඇය මාගේ යහමග පෙන්වූ
තවත් විටෙක මිතුරියක්ය දුක සැප විදපු 
පොඩි දරුවෙක් සේ හුරතල් වී ලග ඉදපු 
සැබෑම පෙම්වතිය ඔබයි මිහිමත දැකපු  

පෙරබර අහසේ දිදුලන හිරුය මට ඔබ 
සරා සදකි මගේ දිවියේ අදුර දුරු කල
ඔබගේ දිවි දෙවෙනි තැනට ලා මා පතන 
නුග සෙවනකි සත්තකින්ම රත්තරන් නුබ 

Comments