අපිට කොතනකදී හරි වැරදුනාද මන්දා........................

මට මේක ලගදි හිතුනු දෙයක් මගේ ජීවිතේටත් අදාලයි මේක කියවන ගොඩක් අයගේ ජීවිත වලටත් මේ ප්‍රශ්නෙම ඇති එත් මම හිතන්නේ මේකට පැහැදිලි උත්තරයක් කා ලගවත් නෑ. වටින් ගොඩින් එන්නේ නැතිව කෙලින්ම කතාව කියන්නම්කෝ මෙන්න මේකයි වැඩේ 
                                                     මේක  ලංකාවේ තියෙන අද්‍යාපන ක්‍රමයයි ලංකාවේ තියෙන ආර්ථික තත්වයයි ලංකාවේ තියෙන සංස්කෘතියයි  එකට එකතු උනාම එන ප්‍රශ්නයක් දැන් හිතල බලන්න අපි උසස් පෙළ ලියන්නේ අවුරුදු කියෙන්ද අනිවා අපි අවුරුදු 18 වෙනකම් කරන්නේ ඔය පොත් ගොඩක් එක්ක ඔට්ටු වෙන එකනේ ඊට පස්සේ එක ගොඩයන එවුන් කරන්නේ අවුරුදු 19 විතර විශ්ව විද්‍යාලෙට ගිහින් අවුරුදු 23 න් 24 න් 25 න් විතර එකෙන් එලියට ඇවිත් ජොබ් එකක් කරන්න පටන් ගන්නවා
                                                    උසස් පෙළ හරියට ගොඩ දාගන්න බැරි වුන අපි වගේ එවුන් රටේ ලෝකේ නැති ඔක්කොම කොස් කරලා ජොබ් කරන්න මොනවා හරි සුදුසුකම් ටිකක් එකතුකර ගෙන  හරිහමන් ජොබ් එකක් සෙට් කර ගන්න කොට අඩුම තරමේ එත් අවුරුදු 25 විතර වෙනවා 
                                                    ඊට පස්සේ කැම්පස් ගිය එවුන් කරන්නෙ මේ ලෝකේ කොච්චර ලස්සන දේවල් තියෙනවද අපි ඒවා විදලා තියෙන්න ඕනේ කියල ජීවිතේ ෆන් එකේ ටික කාලයක් ඉන්නවා අපි වගේ එවුන් ඒ කියන්නේ ජීවිතේ ගොඩ දාගන්න විදපු කට්ටට හරියන්න අවුරුදු 2 ක් 3 ක් වත් ෆන් එකේ ඉන්න එකනේ ඔය දෙගොල්ලන්ටම ඉන්න කෙල්ලොන්ට බදින්න එවුන් ගෙදරින් හොයන කොටයි කෙල්ලෝ නැති එවුන් තමන් එක්ක එකට ඉදපු එවුන් බදින කොටයි තමයි මතක් වෙන්නේ ජීවිතේ පිළිවෙලක් වෙන්න ඕනේ කියල සමහරු ඊට පස්සේ සල්ලි එකතු කරලා ගෙවල් හදන්න වහනයක් ගන්න වේදීන් එකට සල්ලි එකතු කරන්න පටන් ගන්නවා ගෙවල් වල සල්ලි තියෙන එවුන් ඉක්මනට බදිනවා කොහොම වුනත් බහුතරයක් අයට වෙන්නේ ජීවිතේ පිළිවෙලක් කරගෙන ඉවර වෙන කොට අඩුම අවුරුදු 30 ක් 32 ක් වෙනවා ඊට පස්සේ ඉතින් බදිනවා 
                                                  දැන් එතකොට බලන්න ඔය විදියට ගිහින් ළමයෙක් දෙන්නෙක් ඉන්න කොට වයස කීයද? එතකොට වයස අවුරුදු 33 ක් නම් පැනල ලංකාවේ ඉපදුන බහුතරයක් පිරිමි අයට පලවෙනි ළමය ගේ තාත්ත වෙන්න පුළුවන් වෙන්නේ අනිව අවුරුදු 30 පැනලානේ එතකොට තාත්තට අවුරුදු 50 වෙනකොට ළමයට වයස කීයද? දෙන්න ඉන්නේ ලෝක දෙකක එකිනෙකාව තේරුම් ගැනීමේ හැකියාව 0 යි ඉතින් ඊට පස්සේ එහෙමත් කෙනෙකුට තමය පුළුවන් වෙන්නේ ගෙදර බැලන්ස් කරගෙන අරගෙන යන්න නැත්නම් ඉතින් ළමයින්ගේ ප්‍රශ්න වලට එයාල උත්තර හොයා ගන්නේ එයාලගේ යාලුවොන්ගෙන්ම තමයි එතකොට වෙන්න පුළුවන් දේවල් ගැන මම කියන්න ඕනේ නැනේ 
                                               මම මෙච්චර වෙලා කියන්න හදපු දේ මට කියන්න හිතුනේ මට ලගදි මගේ යාලුවෙක් හම්බ වුනා එයා සාමාන්‍ය පෙළත් ෆේල් ඊට පස්සේ එයා හාල් බිස්නස් එකක් පටන් ගත්ත බොහොම පොඩියට ඊට පස්සේ අවුරුදු ගානක් යනකම් මට එයාව හම්බුනේ නෑ දවසක් මම සුපිරි වෙළදසලකට යනකොට දැකල පුරුදු මුණක් දැක්ක අවුරුදු 4 ක විතරකොල්ලෙකි අවුරුදු 2 ක විතර කෙල්ලෙකි එක්ක බඩුවගයක් තෝර තෝර ඉන්නවා මාව අදුන ගෙන මගේ ලගට ඇවිත් කතා කලා ඒ අර මම මුලින් කිව්ව යාළුවා දැන් මිනිහට ජයයි මම මිනිහත් එක්ක කතා කරලා ඉවරවෙලා එන ගමන් මට කල්පනා වුනේ මගෙත් එක්ක උසස් පෙළ කරලා ලංකාවේ ඉහලම තැනක් ගනිපු මගේ තව යාලුවෙක් එදාම උදේ මට හම්බ උන එක ඌ නම් ජොබ් එකට යන්න බස් එක එනකම් හිටියේ ගෙදරින් වදෙලු බදින්න කියල තම තමන්ට කියල මුකුත්ම නැතුව බදින්න පුලුවන්ද කියල කැම්පස් ගියපු එකා මගෙන් ඇහුව ඊළගට මම මම තාම ඉගන ගන්නවා අපිට කොතනකදී හරි වැරදුනාද මන්දා?

Comments

  1. මේ කතාව ඔයාලට තේරුනාද දන්නේ නෑ කොහොම උනත් මම කැමතියි ඔයාල මොනවද කියන්නේ කියල දැනගන්න

    ReplyDelete
  2. මේක මචන් මට දැනෙන විදිය උබ කියපු දේ ගැන.
    මේක මචන් උඹට වත් මට වත් වෙන කාට හරිවත් වැරදුන තැනක් නෙවෙයි. මේක ඇවිත් ලංකා වේ සමාජ ක්‍රමය. හැබැයි එකට බැනල හරි යන්නෙත් නැ. ඔතන වැරැද්ද තියෙන්නේ අපි හිතන විදියෙයි. දැන් බලපන් උබට හමබ් උන යාළුවා, උ මචන් අනංමනං හිතන්නේ නැතිව කලින්ම බැඳලා, හැබැයි උට හරි ගියා. එත් තව සමහරු ඉන්නවා ඔය මොනවට් හිතන්නේ නැතුව බැඳලා අතක්පතක් නැතිව ඉන්න අය සහ ගොඩ යන්න දගලන අය. ඕකට මචන් වාසනාව කියන එක සැහෙන්න තියෙන්න ඕන. සල්ලි හම්බ කරගෙන බඳිනවා කියල හිටියොත් උඹ ඔය කියපු ප්‍රශ්නේ අනිවා වෙනවම තමයි. බැඳලා සල්ලි හොයාගෙන ගොඩ යනවා කියල හිතුවොත්, ගොඩ ගියොත් හරි වැරදුනොත් අවුල්. හැමදේකටම අපිට මචන් වාසනාව සහ අපි අරගෙන අපු සහජ දක්ෂතා තියෙන්න ඕන. ඒ කියන්නේ හැමෝටම ඒවා තියෙනවා එත් එලියට ගන්න දන්නේ නැති එකයි අවුල. ඊටත් අමතරව අපිට අපේ අම්මලාගේ තාත්තලාගේ සුප්පොර්ට් එක අනිවා ඕන ජීවිතෙන් ගොඩ යන්න නම්.... එකී මචන් රහස මේ හැම දෙකටම .....මේ මට දැනෙන දේ...හරිද කියන්න දන්නේ නැ.. එත් මනුස්සයෙක් වෙන්න අපි හෙමෝම උත්සහ කරන්න ඕන.....

    ReplyDelete
  3. එකම තමයි මචන් මමත් මේ කියන්න ට්‍රය් කලේ හැබැයි මෙහෙමත් එකක් තියෙනවා අපිට මොනවහරි තැනකට යන්න ඕනේ නම් එතනට යන්න අපි කැපකිරීම් කරනවානම් අනිවා අපිට එතනට යන්න පුළුවනි

    ReplyDelete

Post a Comment