මේක ලිව්වේ 2011-05-07

මගේ බ්ලොග් එක හදන්න කලින් මම බුකියට දාපු තැන තැන ලියපුවා බ්ලොග් එකට දාන්න හිතුවා බලලම කියන්න හොදද කියල...............................



වෙසක් සද අහසට එනකොට
අපේ හද අපි දාල ගිහිල්ල 
අවුරුද්දක් උනා
තාම නම් මගේ හිත ඒ කතාව විස්වාස කරන්නෙ නෑ
ඒත්
ආත්තම්ම වෙනුවෙන් 
දානෙත බනට
මට පුලුවන් උපරිමෙන් වැඩ කලා
ආත්තම්මගෙ අවුරුද්දෙ දානෙට වත් එන්න බැරි තරමට
වැඩ තිබුනු කට්ටියත් හිටිය
මටනම් කොච්චර වැඩ තිබ්බත් 
ආත්තම්මව අතාරින්න බෑ
මට කිරි දිපු එක ඇරෙන්න
අනිත් හැමදේම කලේ ආත්තම්ම
ඇත්තටම මට ජීවිතේ දුන්නෙ ආත්තම්ම
මට කවදාවත් ඒක අමතක වෙන්නෙ නෑ
මගේ ලෝකෙට
දුවක් වෙලා ආත්තම්ම එනව කියල
මම දන්නව
මට කරපු හැමදේම
අත්තම්ම වෙනුවෙන් කරන්න බැරිවෙයි
ඒත් මට ඒ නයෙන් ටිකක් හරි ගෙවන්න පුලුවන් වෙයි
මේ වෙලාවෙත් අත්තම්ම මම දිහා බලාගෙන ඉන්නව
ඒක මම දන්නව
ඉක්මනටම මට පේන්න එන්න අත්තම්මෙ
ආත්තම්ම මාව දාල යන්න කලින්
මට අත්තම්මව බලන්න තිබුනු
අවසන් වතාවත් මම නැති කර ගත්ත එක ගැන
මට සිය දහස් වරක් සමාවෙන්න  ආත්තම්මෙ..............

Comments