මේක ලිව්වේ 2011-04-13

මගේ බ්ලොග් එක හදන්න කලින් මම බුකියට දාපු තැන තැන ලියපුවා බ්ලොග් එකට දාන්න හිතුවා බලලම කියන්න හොදද කියල


අත්තම්ම නැති පලවෙනි අවුරුද්ද 



අද 13 වෙනිද,
වෙනද මේ වගේ දවසට ඇහෙන 
කොහාගෙ සද්දෙ 
රතින්න සද්දෙ
මිනිස්සු සතුටුවෙන සද්දෙ
නිකමට වත් ඇහෙන්නෙ නෑ...................
අපි ඔක්කොම එකතු උනාම 
වෙන අවුරුදු දවස් වලනම්
හම්මෝ හිතේ තිබුන සතුට...................
මේ පාර අවුරුද්දට මොකද මේ වෙලා තියෙන්නෙ?
හෙට නැකත්
ගේ අලේ කරන්න
ගනු දෙනු කරන්න
හැම අවුරුද්දෙම වගේ
මේ අවුරුද්දෙත් ආත්තම්ම එයි
මට කීයක් ලැබෙයිද දන්නෙ නෑ............
අයියෝ
මේ පාර අපිත් එක්ක අවුරුදු වලට  
අත්තම්ම නෑනෙ
ඒක තමයි ගමටම අවුරුදු නැත්තෙ............
අපිට අවුරුද්ද ගෙනාපු අත්තම්ම නැතිව අපිට මොන අවුරුදුද

Comments